මංතීරු නීතිය අසාධාරණ බව පවසමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (08දා) පොලීසියට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පැමිණිල්ල බාරදීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසුවේ මාර්ග තදබදයට විසඳුම් මෙවැනි ක්‍රම මගින් සෙවිය නොහැකි බවත්, පොලීසිය බොරු කරමින් සිටින බවත්ය.


ඡායාරූප - ශමීර රාජපක්ෂ