නව රජය බලයට පත්විමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දූත පිරිසක් ස්ලෝවේනියාවේ සිදුකරන පළමු සංචාරය හෙට (04දා) ආරම්භ කිරිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා ඇතුළු දූත පිරිසක් හෙට ස්ලෝවේනියාව බලා පිටත්ව යන අතර ඔවුහු එළැඹෙන 08දා තෙක් එහි ගත කිරිම නියමිතය.
ස්ලෝවේනියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය කාර්ල් එර්ජාවෙක් මහතා කරනු ලැබූ ආරාධනයක් අනුව ශ්‍රී ලංකා දූත පිරිස මෙසේ ස්ලෝවෙිනියාවේ සංචාරක නිරත වෙයි.
එහිදි විදේශ කටයුතු අමාත්‍යවරයා එරට අගමැති, ජනපති, හා ආර්තික සංවර්ධන හා තාක්ෂණික අමාත්‍යවරයා හමුවි ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.