නව අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, රජය ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට දැන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක්ව වැඩකිරීමේ අවස්ථාව උදාවී ඇති බවයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමටත්, විධායක ජනාධිපති ධුරය සංශෝධනය සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ අනුව කොටස්කරුවන් විය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.
දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවගේ බලාපොරොත්තුවක් වූ රටේ ප්‍රශ්න සියලු දෙනා එක්ව විසඳා ගැනීමේ අපේක්ෂා මෙයින් ඉටු කරගැනීමට අවස්ථාව උදාවී ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් අමතමින් අවධාරණය කළේය.
(2).jpg)