විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය භික්ෂූන් බඳවාගැනීමේ කප්පාදුවට එරෙහිව හෙට සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥානන්ද හිමියෝ පැවසූහ.
එහි මූලික අදියර ලෙස ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට හෙට දිනයේ සිට සත්යග්රහ ආරම්භ කරන බවද, විසඳුමක් ලැබෙනතුරුම අඛණ්ඩ අරගලයක යෙදෙන බවද උන්වහන්සේ පැවසූහ.
ආණ්ඩු මාරු වුවද අධ්‍යාපන ප්‍රතිපත්ති මාරු නොවී ඇති නිසා අධ්‍යාපනය සම්බන්ධ ගැටලු වැඩිවනවා මිස අඩුවී නොමැති බවද උන්වහන්සේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් පැවසීය.