රජය විසින් පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව ඇතිවී තිබෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් ත්රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
ගාමිණී පිටිපන මහතාගේ සහභාගීත්වයෙන් යුත් මෙම කමිටුවට මහේෂ් කළුගම්පිටිය, චන්දිමාල් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළත්ව සිටිති. එම කමිටුව විසින් අදාළ ගැටලු පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබාදීමට නියමිතය.
මෙලෙස ලබාදෙන කරුණු පදනම් කර ගනිමින් බැඳුම්කර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු විසඳීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තීරණය කර ඇත.