බෞද්ධ ආගමික ප්‍රතිපත්තීන්ට හානිකර හා අගෞරව ඇති වන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන්ට හා එවැනි සන්දර්ශන සංවිධානය කරන පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වෙසක් උත්සවය යනු බෞද්ධ බැතිමතුන්ගේ මෙන්ම අන්‍යාගමිකයන්ගේද ගෞරවාදරයට පාත්රවූ සුවිශේෂී ආගමික උත්සවයක් වන අතර, මෙවර පැවැත්වෙන වෙසක් උත්සවය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර වෙසක් උත්සවය ලෙස නම් කර තිබේ.
මේ හේතුවෙන් ආගමික ප්‍රතිපත්තිවලට හානිකර අයුරින් ඔළුබක්කන් නැටවීම වැනි බෞද්ධ ධර්මයට නිගාවට ලක්වන අයුරින් ක්‍රියාවන් සිදුනොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.