බෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයි
බෞද්ධ උපදේශක මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්ව තිබේ.
ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
මෙම අවස්ථාවට ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නායක ස්වාමින්වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින්වහන්සේ, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මාහල්ලේ ධර්ම කීර්ති ශ්‍රී සුමංගල විපුලතිස්සභිධාන සංඝනායක ස්වාමින්වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - චන්දන පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


