ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට අනියුක්ත අනුරාධපුර පුලියන්කුලම ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්ම පීඨයේ සිසුන් අතර ශ්රීඝ්රයෙන් පැතිරෙන බෝවන රෝගයක් හේතුවෙන් අද (24දා) එම පීඨය වසා දැමූ බව රජරට විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය පවසයි.
සිසු සිසුවියන් 300කට අධික පිරිසක් ඉගෙනුම ලබන මෙම පීඨයේ සිසුන් පිරිසකට පැපොල රෝගය වැළඳීම හේතුවෙන් එය පැතිර යෑම වළක්වා ගැනීම සඳහා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පුලියන්කුලම පිහිටි මෙම පීඨය සති 2 ක කාලයකට වසා දැමීමට කටයුතු කර තිබේ.