(UPDATE) බොරැල්ල සහස්රපුර සිරිසරඋයනේ ඇති වූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ගිනි නිවන හමුදාව සමත්ව ඇති බව වාර්තා වේ.
එම නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ පිහිටි නිවාසයක් තුළ මෙම ගින්න හටගෙන තිබුණි.
බොරැල්ල වනාතමුල්ලේ පිහිටි සහස්රපුර සිරිසරඋයන නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවන රථ මේ වනවිට එම ස්ථානයට ළඟා වී ඇති බවද වාර්තා වේ.
ගෘහස්ත ගෑස් ටැංකියක් පිපිරීමෙන් මෙම ගින්න හටගෙන තිබෙන බවට ගින නිවන ඒකක සැක පහළ කරයි.