(VIDEO) කවුරුන් හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන පවුල්වාදය පිළිබඳව කතා කරනවා නම් අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන පවුල්වාදය පිළිබඳවද කතාකළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
සියල්ලන්ටම ඇති එකම අවස්ථාව ලෙස සලකා විවිධ පිරිස් ජනාධිපතිවරණය මූලික කරගෙන කටයුතු කරන අතර, ජනාධිපතිවරණයේදී බොදුබල සේනා සංවිධානයේ එකඟතාවන්ට ආණ්ඩුව හෝ විපක්ෂය එකඟ නොවුණහොත් තම සංවිධානයද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව උන්වහන්සේ පැවසුවේ අද (11දා) කිරුළපන පැවැති මාධ්‍ය හමුවකදීය.