බොදුබලෙන් සටන් පෙරමුණක්
නව ව්‍යවස්ථාවට එරෙහිව සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව සටන් පෙරමුණක් ගොඩනගා ප්‍රතික්‍රියා දැක්වීම සඳහා භික්ෂූන් වහන්සේලා සහ තවත් සංවිධාන රාශියක් සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
විජාතික බලවේග, රාජ්‍ය නොවන සංවිධාන, අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික බලවේග යන පාර්ශ්වවල උපදෙස් මත නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට පාලකයන් සැලසුම් කර ඇති බවත්, ඒ හරහා යම්කිසි හානිකර තත්ත්වයක් උද්ගත වේ නම් කොන්දේසි විරහිතව ඕනෑම පාර්ශ්වයක් සමග එකතු වී එය පරාජය කිරීමට අනිවාර්යයෙන්ම තමන් වහන්සේලා එකතු වන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට සිදුවන හානිය සහ රටේ සම්පත් සම්පත් විකුණාදැමීමට එරෙහිව ජනමතයක් ගොඩනැගීම සඳහා ජනවාරි 07 වැනිදා %අත තියන්න එපා රටට^ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී සමුළුවක් පවත්වන බවද එහිමියෝ සඳහන් කළහ.
තමන් වහන්සේලාගේ වැඩපිළිවෙළ සමග එක්වන්නැයි වෙනත් වෙනත් මාතෘකා පසුපස ගමන් කරන භික්ෂූන් වහන්සේලාගෙන් හා තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසූ ඥානසාර හිමියෝ මේ සඳහා මුහුණපොත සටන් බිමක් බවට පත්කළ යුතු යැයිද ප්‍රකාශ කළහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ,
'අද දවස වෙද්දි රටේ දැඩි කතාබහකට ලක්වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රට බෙදීමට එරෙහිව, ඒ වගේම රටේ සම්පත් කුණු කොල්ලයට විදේශ රටවලට විකුණා දැමීමට එරෙහිව අපි ඉතා ඉක්මනට වැඩසටහනක් ගොඩනැගිය යුතුයි.
ඉතා ඉක්මනින් අපි එකාවන්ව රොද බැඳිය යුතුයි මේ රටේ ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව. ඒ වගේම විජාතික බොහෝ බලවේග සහ රාජ්‍ය නොවන සංවිධානවල පමණක් නොවෙයි, අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික බලවේග මත ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මේ නායකයන්ගෙන් ව්‍යවස්ථාව හරහා යම්කිසි හානිකර තත්ත්වයක් උද්ගත වෙනවා නම් එය පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව ඕනෑම පාර්ශ්වයක් එක්ක එකතු වෙලා එය පරාජය කිරීමට අනිවාර්යයෙන් අපිත් එකතු වෙන බව මතක් කරන්න ඕන.
ඒ නිසා මුහුණුපොතේ අපේ දරුවන්ගෙන් සහ හාමුදුරුවරුන්ගෙන් මම ඉල්ලා හිටිනවා දැන් වෙන වෙන මාතෘකා නෙවෙයි, මේ රටේ ජාතික සම්පත් විකුණාදැමීමට එරෙහිව, ව්‍යවස්ථා සංශෝධනය හරහා රට බෙදීමට එරෙහිව අපි ඉතා ඉක්මන් සටන් පෙරමුණක් ගොඩනැගිය යුතුයි.
ඒ නිසා මා ඉල්ලා හිටිනවා අපේ මූණු පොතේ දරුවන්ගෙනුත් හැමදෙනාගෙන්මත් මූණුපොත සටන් බිමක් කරගනිමු. ඉතා ඉක්මනින් මේ ව්‍යසනකාරී තත්ත්වය හඳුනාගෙන අපි ඒවාට ප්‍රතික්‍රියා දැක්විය යුතුයි.
ඉතින් හත්වෙනිදා පැවැත්වෙන සමුළුව සඳහා ඔබ හැමකෙනෙක්ම සහභාගි වෙන්න කියලා මේ වෙලාවේ ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් අපේ හාමුදුරුවරු අප්‍රමාදීව කැපෙනවා. ඒ සංවිධානත් එක්ක එකතු වෙලා මේ කටයුත්තට උරදෙන්න, කැපවෙන්න, සහභාගි වෙන්න. අපි මේ සටනත් ජයග්රහණයෙන් කෙළවර කරමු කියන පණිවුඩය මතක් කරමින් හැමදෙනාටම හත්වෙනිදා සමුළුවට සහභාගි වෙන්න කියලා ඉතාම ආදරයෙන් හා ජාතිවාත්සල්‍යයෙන් ඉල්ලා හිටිනවා' යනුවෙන් පවසා සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

