බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතූවෙන් හෙට (04දා) පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා එක් කොටසක්ද, අනිද්දා (05දා) පෙරවරු 09.00 සිට රාතී්ර 11.00 දක්වා සමස්ත කොටසද සම්පූර්ණයෙන්ම වසා තබන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම අලුත්වැඩියා කටයුතු සිදුකරන කාලයේ ඉහත මාර්ගය භාවිත කරන මහජනතාවට හා රියදුරන්ට විකල්ප මාර්ගයක් වශයෙන් බේස්ලයින් මාර්ගයේ ගුවන් පාලම උපයෝගී කරගත හැකි බවත් ගුවන් පාලම ඔස්සේ ගමන් නොකරන මහජනතාවට හා රියදුරන්ට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිස් මූලස්ථානය පවසයි.