ඡනාධිපතිවරණය ප්රකාශයට පත්වීමත් සමගම ප්රචණ්ඩ ක්රියා වාර්තාවීම පිළිබද කැෆේ සංවිධානය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංවිධානය නිවේදනයකින් කියයි.
එසේම බේරුවලදී සිදුවූ කලුතර දිස්ත්රික්කයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් විසින් සිදුකළ බවත් කැෆේ සංවිධානය චෝදනා කරයි.
මේ අතර වයඹ පළාත් සභා මන්ත්රී සහ විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා ගමන් ගත් රථ පෙළකටද ඊයේ (21දා)මාවතගම දී ප්රහාරයක් එල්ල වී තිබේ. එම ප්රහාරය මාවතගම ප්රාදේශීය දේශපාලනඥයෙකු සහ පළාත් පාලන ආයතන නියෝජිතයෙකු විසින් මෙහෙයවු කණ්ඩායමක් විසින් සිදුකළ බවත් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදයේ සඳහන්වෙයි.