මද්‍යසාර සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බවත් මේ නිසා අනාගතයේදි බේබද්දන් බිහිවීම වළක්වාගත නොහැකි බවද රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය දුම්වැටි නිවාරණයට ආණ්ඩුව මුලින්ම ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ බවත් පසුව අයවැය ඉදිරිපත් කරමින් බියර් සඳහා බදු සහන ලබාදුන් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද(06දා) පැවැති මාධ්‍ය සාකඡාවේදී ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය දුම්වැටි නිවාරණයට ගන්නා උත්සාහයට ආණ්ඩුවේ බහුතර දෙනෙකුගේ සහාය ලැබෙන බවත් එහෙත් බියර්වලට බදුසහන ලබාදීම පිළිබඳව රටේ සෞඛ්‍ය ඇමතිවරයාගේ සිට පහළ සිටින අතිබහුතරයක් දෙනා විරුද්ධ බවද පවසා සිටියේය.
මේ නිසා ඉදිරි දින දෙක තුළදී පහළ දැමු බදු මුදල් ඉහළ දමා අයවැය වාර්තාව සම්පූර්ණ නොකළහොත් ප්‍රශ්න ගණනාවකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.