බෙල්ජියම් ප්‍රහාරයේ බෝම්බ මොළකරු තවමත් නිදැල්ලේ
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයේ බෝම්බ විශේෂඥයා බව පවසන සුදු කමිසයකින් හා තොප්පියකින් සැරසී සිටි පුද්ගලයා තවමත් නිදැල්ලේ බව විදෙස් වාර්තා පවසයි.
මෙම පුද්ගලයා නජීම් ලාක්රෝවි ලෙස හඳුනාගෙන ඇති අතර, බ්‍රසල්ස් ගුවන් තොටුපොළ වෙත සූටිකේස් බෝම්බයක් රැගෙන විත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සුළු මොහොතකට පෙර ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
එමෙන්ම, ඔහු රැගෙන පැමිණි සූටිකේස් බෝම්බය එම ස්ථානයට ගෙනැවිත් තිබූ විශාලතම බෝම්බය ලෙස හඳුනාගෙන ඇති අතර, එම බෝම්බය පිපිරී නොමැති බව බෙල්ජියම් ආරක්ෂක අංශ පවසයි. යම් ලෙසකින් එම බෝම්බයද පුපුරා ගියේ නම් සිදුවිය හැකිව තිබූ හානිය මීට වඩා බොහෝ සෙයින් වැඩි වීමට ඉඩ තිබුණි.
පුද්ගලයන් 34 දෙනෙකුට මරු කැඳවමින් ඊයේ උදෑසන සිදුවූ මෙම ප්‍රහාරයෙන් පසුව පැන යමින් සිටින මෙම සැකකරු සොයා විශේෂ හමුදා මෙහෙයුම් සිදුවන අතර, වරෙක ඔහු අත්අඩංගුවට පත්වූ බව බෙල්ජියම් මාධ්‍ය පැවසුවත්, එරට නීතිපතිවරයා එය ප්‍රතික්ෂේප කළේය.
නජීම් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වඩාත් අත්‍යවශ්‍ය ත්‍රස්තයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, පසුගිය වසරේදී පැරීසියේදී පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරයේ බෝම්බ නිෂ්පාදකයාද ඔහු ලෙස හඳනාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

