බෙන්තොට කහබිලියකන්ද, රොබොල්ගොඩ ප්රදේශයේදී අද (29දා) අලුයම කොළඹ සිට ගාල්ල දෙස ගමන්ගත් ලොරි රථයක් හා ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් මොටර් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කුඩාහීල්ල, බෙලිඅත්ත ප්රදේශයේ පදිංචි කළුහැන්දිගේ නිරාෂා (අවු.35) හා රිදීගම, අම්බලන්ගොඩ පදිංචි දිස්නා ලක්මිණී (අවු.37) නමැත්තියන්ය.
මේ අනුව අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බළපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
බෙන්තොට චතුරිකා ජයරත්න