බෙංගාල බොක්ක ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරන බහුදින යාත්‍රා හැකි ඉක්මණින් ලංකාවේ වෙරළ තීරයට පැමිණෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
ලංකා මුහුදු තීරයට පැමිණීමට නොහැකි නම් බංගාලදේශ මුහුදු සීමාවක් වෙත යාත්‍රා ධාවනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එස්.ප්‍රේමලාල් මහතා ඉල්ලා සිටියි.
හෙට (05දා) දිනය වන විට බෙංගාලබොක්ක ප්‍රදේශයේ පීඩන අවපාත තත්ත්වයක් ඇති විය හැකි බවත්, මේ නිසා එම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මිටර් 90ත් 100ත් අතර අගයක් ගතහැකි බවත් හෙතෙම කියා සිටියේය.
මේ මස 08 වැනි දින දක්වා මෙම තත්ත්වය පැවැතිය හැකි නිසා එම ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් එම කාලය තුළ වැළකී සිටින ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.