වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වශයෙන් මෙන්ම සමස්ත බෞද්ධ ලෝකයාට ම පූර්වාදර්ශයක් වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටුකරන සුවිශේෂී මෙහෙවර අගයමින් තායිලන්ත රජය විසින් ජනාධිපතිවරයා වෙත ආචාර්ය උපාධියක් පිරිනමනු ලබයි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ අභිවෘද්ධිය මෙන් ම ආදර්ශපූර්වාත්මක ජාති හිතෛෂී අභීත නායකත්වය උදෙසා තායිලන්ත රජතුමාගේ අධීක්ෂනය යටතේ පවත්වාගෙන යනු ලබන සුරින්ද්‍ර රාජබට් විශ්වවිද්‍යාලය මගින් මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත.
ජනාධිපතිවරයා වෙත මෙම ආචාර්ය උපාධිය පිළිගැන්වීම අද (23දා) අනුරාධපුරයේ දී සඳහිරු සෑයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය අවස්ථාවේදී සුරින්ද්‍ර රාජබට් විශ්වවිද්‍යාලයේ විශේෂ නියෝජිතයෙකු අතින් සිදු විය.