එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා විසින් මහජන පෙත්සම් 38ක් පාර්ලිමේන්තුවට අද (04දා) ඉදිරිපත් කරනලදී.
තමා විසින් මීට පෙර මහජන පෙත්සම් වැඩි ප්රමාණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තබා තිබූ වාර්තාව මෙයින් කඩවන බවද බුද්ධික පතිරණ මහතා පැවසුවේය.
ගාල්ල, මාතර, මතුගම, වැලිගම, අකුරැස්ස, මාකඳුර, ඉමදූව, කඹුරුගමුව, රාගම, කඹුරුපිටිය, කැකණදුර, අපරැක්ක, නූපෙ, දෙණියාය ආදී ප්රදේශවලින් මෙම මහජන පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමුකරන බව කථානායක කරු ජයසූරිය මහතා පසුව පැවසීය.