බුත්තල ප්රදේශයේ අතුරුදන් වූ කාන්තාවන් සිවු දෙනෙකු සෙයා පොලීසිය පරීක්ෂණ අාරම්භ කර තිබේ. ඊයේ (02දා) සිට මෙම අතුරුදන්වීම් වාර්තා වී තිබේ. 34 හැවැරිදි කාන්තාවක්, 19 හැවැරිදි තරුණියන් දෙදෙනෙක් හා 20 හැවැරිදි කාන්තාවක් මෙසේ අත්අරුන්ව ඇත. අතුරුදන් වූ කාන්තාවන් සිවු දෙනාගේ ඥාතීන් කරන ලද පැමිණිලි අනුව පොලීසිය ඔවුන් සෙයා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ,
බුත්තල, මහසෙන්පුර, කුකුලම්පොළ ඌව පැල්වත්ත ප්රදේශයේ පදිංචි දිනේෂා දිල්රුක්ෂි නම් 19වියැති කාන්තාවක්
වැවේවෙල, ඌව පැල්වත්ත, බූන්දල පදිංචි ඩී.එම්. ජනනි ඉරේෂා නම් 35වියැති කාන්තාවත්
කුමාරපුර, ඌව පැල්වත්ත ප්රදේශයේ පදිංචි ඩබ්.බී. ප්රියංගිකා නිල්මිණි නැමැති 19 වියැති කාන්තාවක්
මොණරාගල පාර, බුත්තල පදිංචි ෆාතිමා මසීනා නම් 21හැවිරිදි කාන්තාවක් මෙසේ අතුරුදහන්ව ඇත.
නයනජීව බණ්ඩාර