බීමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැළැක්වීමට අවශ්‍ය නව නීති හඳුන්වා දීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
සාගරයේ සිදුවන එවැනි අනතුරු ජනතාව අතරට එතරම් නොයෑම හේතුවෙන් ඊට එරෙහි ජනතා මතයක් ගොඩනැගී නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එවැනි බෝට්ටු අනතුරුවලදී ජීවිත අනතුරු පවා සිදුවන බවත්, එම අනතුරුවලදී බෝට්ටුවලට වන හානිය ඉතා විශාල බවත් පැවසූ අමාත්‍යවරයා,
“ධීවර අමාත්‍යාංශයට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. මුහුදේ සිදුවන අනතුරු වළක්වා ගැනීමට නව නීති හඳුන්වා දීමේ අරමුණ ධීවරයාත් බෝට්ටු හිමිකරුවාත් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගැනීමටයි. පසුගිය දිනවල එවැනි අනතුරු වෙලා තිබුණා” යැයි වැඩිදුරටත් පැවසීය.