ආණ්ඩුව විසින් ඔක්තෝබර් මාසයේදී සිදුකළ අතිරේක වියදම් පියවාගැනීම සඳහා රුපියල් බිලියන 11 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ(05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 07 ක් (7,498,483,793) සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 03 ක් (3,508,991,652) අනුමත කරගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ස්මාරකයක් ඉදිකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 30 ක් වැයකර තිබේ.
විදේශ රැකියා අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය,ධීවර අමාත්‍යාංශය, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන විදෙස් ගමන් සඳහා වියදම් කළ රුපියල් මිලියන 169 ක (169,820,393) මුදලක්ද මේ යටතේ ඉදිරිපත්කර ඇත.
පසුගිය කාලසීමාව තුළ සිදු වූ ස්වාභාවික ව්‍යවසනයන් හේතුවෙන් ජනතාවට සහන ලබාදීමට ඔක්තෝබර් මාසය තුළ රුපියල් බිලියන 27 ක් වියදම් කර ඇති අතර, එම මුදලද මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නවීන උපකරණ ලබාගැනීමට රුපියල් මිලියන 2.5 ක් වියදම්කර ඇති අතර, ණය ඉපිලුම් වියදම් සඳහා වන ප්‍රතිපාදන ඌනතාවවෙනුවෙන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1.6 ක් (1,672,900,000) වියදම්කර තිබේ.