බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන්න අර්ජුන් කියලා
බැදුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වු රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් පැවැසූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය හෙළි කළාය. ඇය මේ බව හෙළිකළේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ස්ථාපිත කර ඇති ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
එසේම අධිපතිවරයා කළ නියෝගය හේතුවෙන් වෙන කිරීමට දෙයක් ඉතිරි නොවීම නිසා එම ලංසුවට අනුමැතිය දීමට සිදුවුණා යැයිද ඇය පැවැසුවාය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනත් දෙපාර්තමෙනතුවක රාජකාරී කළ තමා මෙම බැදුම්කර නිකුතුව සිදු කිරීමට දින දෙකකට පෙර රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට ස්ථාන මාරුවීමක් ලබා පැමිණි බව හෙළි කළ සෙනෙවිරත්න මහත්මිය මෙම බැදුම්කර වෙන්දේසිය තමාගේ මුල්ම බැදුම්කර වෙන්දේසිය වු බවද වැඩිදුරටත් හෙළි කළාය.
බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මේ බව හෙළි කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියලු දෙනාද විරුද්ධ වු නමුත් ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා මණ්ඩලයේ සාමාජිකයින් අමතමින් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව දැනුම් දීමෙන් අනතුරුව සෙසු සාමාජිකයින්ද අදාළ ලේඛණයට අත්සන් කළ බවද වැඩිදුරටත් හෙළි කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
