බින් ලාඩ්න්ට වෙඩි තැබුවේ කවුද - අමෙරිකාව තුළ ආන්දෝලනයක්
අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු සීල් විශේෂ බලකාය විසින් සිදුකළ මෙහෙයුමේදී, හිටපු අල්-කයිඩා නායකයාට වෙඩි තැබූ සෙබලා සැබවින්ම කවුරුන්ද යන්න ගැන ඇමෙරිකාව තුළ ආන්දෝලනයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
38 හැවිරිදි සීල් සෙබලෙකු වන රොබට් ඕනෙයිල් පසුගියදා වොෂිංටන් පෝස්ට් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තමන් ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කළ බව හෙළි කිරීමත් සමග මෙම විවාදය ගොඩනැගී තිබේ.
එම මෙහෙයුමට සම්බන්ධ වූ තවත් සීල් සෙබලෙකු වන මැට් බිස්සොනෙට් තමන් විසින් බින් ලාඩ්න් ඝාතනය කළ බව මීට පෙර 2012 වසරේ ප්‍රකාශයට පත්වූ ග්‍රන්ථයක අනාවරණය කර තිබුණි.
පාකිස්තානයේ, ඇබොට්ටාබාද් හි ගොඩනැගිලි සංකීර්ණයක රහසේ සැඟවී සිටි බින් ලාඩ්න් අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු නාවික හමුදාවේ සීල් විශේෂ බලකා සෙබලු 2011 වසරේදී දියත් කළ මෙහෙයුමකදී බින් ලාඩ්න් මරා දැමුණි.
සාමාන්‍යයෙන් මෙවැනි විශේෂ බලකා සෙබලෙකුට තම සේවා දිවියේ අත්දැකීම් මෙසේ ප්‍රසිද්ධ මාධ්‍යයක පාපොච්චාරණයන් සිදු නොකරන අතර, ඔවුන් නිරායාසයෙන්ම ඒවා රහස් ලෙස තබා ගනී.
2012 වසරේදී හමුදා දිවියෙන් විශ්‍රාමගත් ඕනෙයිල් එස්ක්වයර් සඟරාවට නිර්ණාමිකව මෙම මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
