දේශීය අවශ්‍යතාවය ඉක්ම වූ බිත්තර නිෂ්පාදනයක් මෙරට වෙළෙඳ පොල තුළ පවතින බැවින් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙහි අධ්‍යකෂ ජනරාල් නිහාල් වෙඩිසිංහ මහතා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතාට දන්වා තිබේ.
බිත්තර ආනයනයෙහි කිසිදු අවශ්‍යතාවයක් නොමැති හෙයින් අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ඒ පිළිබඳව ශ්‍රී ලංකා වරාය හා රේගුව දැනුවත් කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව අධ්‍යක්ෂකවරයා පැවසීය.