බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂය තුළ කල්ලි වාදයක් ඇති කර තිබූ බවත්, ඒ තුළින් තමා ඇතුළු කිහිපදෙනෙකුට දැඩි අසාධාරණයක් සිදු වූ බවත් රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය සඳහන් කළාය.
පසුගිය ආණ්ඩු සමයේදීත් බැසිල් රාජපක්ෂ මහතා කල්ලිවාදයක් ඇති කර තිබූ බවත්, මේ හරහාත් යම් යම් පිරිස්වලට අසාධාරණ සිදු වූ බවත් අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහත්මිය පවසා සිටියාය.
මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ සිටින සමහරු ඒකාධිපතියන් සේ වැඩකටයුතු කරන බවත්, මෙම ක්‍රමවේදයන් නිසා ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට නොහැකි වූ බවත් ඒ මහත්මිය සඳහන් කළාය.