පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මෙන්ම හිටපු මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ සහොදරයෙකුද වන මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගෙන් අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට පොලීසිය කටයුතු සූදානම් කරමින් සිටියි.
දිවි නැඟුම උත්සවයක් වෙනුවෙන් අත්තනොමතිකව මුදල් වියදම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීමට නියමිත අතර මන්ත්‍රීවරයා ජනපතිවරණයෙන් පරාජයෙන් පසුව මේ වන විට නැවතත් ඇමෙරිකාවට ගොස්සිටී.
ඔහු ඇමෙරිකානු පුරවැසියෙක්ද වෙයි. ඒ අනුව ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය අවසරය අධිකරණයෙන් ලබා ගැනීමටත් නියමිතය.