ඉපලෝගම පුරාවිද්‍යා භූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට අදාළව නිවාස සංවර්ධන අධිකාරියේ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරන බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට නිවාස සංවර්ධන අධිකාරීයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරිනියගේ හා තාක්ෂණ නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙන බවද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව ව්‍යපෘතිය භාරව සිටි නිලධාරියාගේ හා ඉංජිනේරුවරයාගේ වැඩ තහනම් කරන බවත්, පරීක්ෂණයේදී වැරදිකරුවන් වන සියලුම දෙනාට විනයානුකූල පියවර ගන්නා බවද සඳහන් කළේය.
නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා අක්කර 10ක භූමියක් වෙන් කර තිබූ බවත්, එම භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන නමුත් අක්කර 10 එළි පෙහෙළි කිරීමේදී පුරා විද්‍යා භූමියේ අක්කරයට වැඩි ප්‍රමාණයක් ඩෝසර් කර තිබෙන බවද පවසා සිටියේය.