එළාර රජුගේ විජිතපුර පරිවාර බළකොටුවක් ලෙස සැලකෙන බැලුම්ගල නමැති පුරාවිද්‍යාත්මක ස්ථානය ඩෝසර් කිරීමේ සිද්ධියට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුරය දිස්ත්‍රික් කළමනාකාරිනියගේ සහ තාක්ෂණ නිලධාරියෙකුගේ බව වාර්තා වේ.
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අක්කර 15කට අධික ප්‍රමාණයක් පසුගියදා ඩෝසර් කර දමා තිබෙන අතර, එම භූමියේ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ බව පැවසේ.