බැඳුම්කර කොමිෂන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වැරදිකරුවන් වුවහොත් එක්සත් ජාතික පක්ෂයට අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට එරෙහි නොවන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
චෝදනා එල්ල වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතික පක්ෂය පවසමින් රටට පූර්වාදර්ශයක් ලබාදුන් බවද හෙතෙම පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අනුරාධපුරය, නොච්චියාගම ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“එක් අයෙකුට චෝදනා එල්ල වූ පරිදි මුළු එක්සත් ජාතික පක්ෂයම වන්දි ගෙවන්න ඕන නෑ. අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහබැංකු අධිපතිවරයා නීත්‍යනුකූල මට්ටමින් අගමැතිවරයා විසින් පත්කර ඇති බව බැඳුම්කර කොමිසම පිළිගෙන තිබෙනවා. යම් හේතුවකින් තවත් පුද්ගලයන් වැරදිකරුවන් බවට පත්වුවහොත් කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයකට අනුව පක්ෂයක් ලෙස අවශ්‍ය පියවර ගන්නවා.
බැඳුම්කර කොමිසමට පෙර බරපතළ වංචා කොමිසමෙහි තීන්දු හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවද ගිය ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් කළ දූෂණ චෝදනා ඔප්පු වී තිබුණොත් තවමත් නීතිය ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.