බැදුම්කර කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධ ලියවිල්ලක් වූ පසු එම ලියවිල්ල උපයෝගී කර ගෙන ඕනෑම කෙනෙකුට අධිකරණයට යා හැකි බව අමාත්‍ය සුසිල්
ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
මේ මස (17දා) බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.
එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට පමාවන බව දැන දැනම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුව ඊයේ කැඳවූ බවද පවසා සිටියේය.
මීට අමතරව පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට කටයුතු කර තිබූ බවත්, මේ නිසා කිසිවෙකුටත් අනුමත කළ නොහැකි ආකාරයට ගැටුමක් ඇති වූ බවද සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී කිසිම විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම අනවශ්‍ය බවත්, එයට හේතු වී තිබෙන්නේ තවමත් කිසිවෙකුත් බැඳුම්කර වාර්තාව දැක නොමැති නිසා බවද කියා සිටියේය.