ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26ක් ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ලිපියක් මගින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම්දී තිබේ.
මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාටත්,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාටත් එම වාර්තාවේ පිටපත් දෙකක් අද පෙරවරුවේ ලබාදුන් බවද ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් සඳහන් කරයි.
එසේම බරපතළ වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 34ක් පාර්ලිමේන්තුවට ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපති ලේකම්වරයා පවසයි.