බැදුම්කර වාර්තාව පිළිගැනීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ වලංගු නොවන බවත්, යම් කෙනෙකු එවැනි ප්‍රකාශ සිදුකරනවා නම් එය ඔහුගේ පුද්ගලික මතය පමණක් ලෙස සැලකිය යුතු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
පිටු 1500කින් යුතු බැඳුම්කර කොමිෂන් වාර්තාව නොදුටු පිරිස් පවා එය පිළිගැනිමට නොහැකි බවට ප්‍රකාශ කරමින් සිටින බවද අද (09දා) පැවති මාධ්‍ය සාකඡාවකදී හෙතෙම සඳහන් කළේය.
පිටු 1500 කින් යුතු බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැක ගැනීමට හැකි වන්නේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා බැඳුම්කර වාර්තාව පිළිගත නොහැකි බවට ප්‍රකාශ සිදුකළ නොහැකි බවත්, එවැනි ප්‍රකාශ නිකුත් කරන පිරිස් බැඳුම්කර කොමිෂමේ සාක්ෂි ලබාදීම පිළිබඳව මුළු රටම දැනගත් බවත් හෙතෙම සඳහන් කළේය.