බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්රකාශ කර තිබෙන බැවින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් අද (04දා) ලිඛිතව ඉල්ලීමක් කළ බව එම පක්ෂය පෙන්වා දෙයි.
නව වසර වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ මේ මස 23 වැනිදා බැවින් ඊට පෙර පාර්ලිමේන්තුව රැස් කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසද එම ලිපියෙන් දැක්වේ.
එම ළිපිය පහලින් එක් කර ඇත.