බැඳුම්කර කොමිෂම පත්කිරීම පිළිබඳ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට හා බැඳුම්කර සිද්ධිය ගැන කතා කළ පිරිස්වලට ගෞරවය හිමිවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය
මීට අමතරව බැඳුම්කර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් යෝජනා කරන බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා පාර්ලිමේන්තුව කැඳවා ‘බැඳුම්කර’ කොමිෂන් වාර්තාව පිළිබඳව හා ‘බරපතළ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා’ පිළිබඳව පූර්ණ විවාදයක් පවත්වන ලෙසට ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පවසා සිටියේය.