ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබෙන බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධියට පත්කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට අමතරව නීතිපතිවරයා හරහා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවත්, කොමිෂන් සභා වාර්තාව සඟවා ගෙන සිටීමට ඉඩ ලබා නොදෙන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01දා) පැවැති මාධ්‍ය සාකඡාවකදී පැවසීය.
බැඳුම්කර වැරදිකරුවන්ට එරහිව නීතිය ක්‍රියාත්මක කර ගැනීමට ජනමතයක් ගොඩ නගන බවද හෙතෙම සඳහන් කළේය.