බැඳුම්කර කොමිසම සකස් කළ වාර්තාව නිකුත් වූ පසුව දේශපාලන ක්ෂේත්රයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අපැවසීය.
පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ ද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"මේ අනුව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන ඇමතිධුර කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවරා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
එපමණක් නොව එම වාර්තාව නිකුත්වූ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටිනවා’’ යැයි ද පවසා සිටියේය.