බැඳුම්කර කොමිසමේ වාර්තාවේ සඳහන්යැයි පවසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවත්, සැබැවින්ම බැඳුම්කර වංචාවෙන් රජයට සිදුවූ අලාභය රුපියල් බිලියන 2000ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේදී අද (04දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
ʻʻ ජනාධිතිවරයාගේ ප්‍රකාශය කන්දක් විළිලා මී පැටියෙක් වැදීම හා සමානයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ මහ මොළකරු එළියට පැමිණ නැති අතර එහි කුඩා මොළකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිට සිංගප්පූරුවේ සිටින බැවින් ඔහුට විරුද්ධව නඩු පැවරිම් සිදුකළ නොහැකියි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව මූල්‍ය ක්‍රමය පිළිබඳව ජනතා විශ්වාසය බිඳවැටීමට ලක්ව තිබෙනවා.ʼʼයැයි ද පවසා සිටියේය.