බැඳුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් වන සාක්කි අනුව මෙම බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුදෙනාටම අපරාධ චෝදනා සහ සිවිල් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.
සත්‍ය සෙවීම සඳහා මෙම කොමිසමට සහය වීම නීතීපතිවරයා සතු කාර්යයක් බවත්, පූජනීය කාර්යක් සේ සලකා දිවා රෑනොබලා නීතීපතිවරයා ඒ පරමාර්ථය ඉෂ්ට කීරීම සඳහා වෙහෙසෙන බවත් කොමිසමට දැනුම් දුන් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලුදෙනාටම අපරාධ චෝදනා සහ සිවිල් චෝදනා යටතේ නඩු පැවරීමට නීතීපතිවරයාට බලයක් ඇතැයිද කීය.
"නීතීපති දෙපාර්තමේන්තුව කරන්නේ කොමිසමේ ක්‍රියාවලියට සහය වීමක් මේ සඳහා අපි දිවා රෑවෙහෙසෙනවා. මෙම කොමිසමේ කටයුත්ත පූජනීය කටයුත්තක් ලෙස සලකා අපි කටයුතු කරනවා. අපි හැමවිටම අපක්ෂපාතීව මෙම කොමිසමේ කටයුත්ත ඉටු කිරීම සඳහා සහය වෙනවා.
මෙම කොමිසමේදී හෙළි වෙන සාක්කි වලට අනුව මෙම වංචාවට සම්බන්ධවූවන්ට අපරාධ හා සිවිල් චෝදනා යටතේ නඩු පැවරීමට නීතීපතිවරයාට බලය තියෙනවා. ඒක නිසා තමයි මීට පෙර අවස්ථාවක වරදකරුවන් පෝරකයට ගෙන යෑමට කටයුතු කරනවා කියා කිව්වේ."