මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසම සකස් කළ වාර්තාවේ ඇති නිර්දේශ අවිශ්වාස කිරීමට හේතුවක් නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කොළඹදී පැවැති මැතිවරණ රැලියක් අමතමින් ඔහු මේ බව ඊයේ (08දා) ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.
“ජනපති කොමිෂන් සභාව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. නිර්දේශ අවිශ්වාස කරන්න හේතුවක් නෑ. මේ රජය සමයේ තරා තිරම් භේදයකින් තොරව හොරවැඩ කරලා තිබෙනවා නම් දඬුවම් කරයි”.