මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පත්කල ජනපති කොමිසම හමුවේ වැදගත්ම සාක්ෂිය ලබා දී ඇත්තේ කාන්තාවක බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හෙළි කළේය.ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා දින සැමරුම් උත්සවය කොළඹදී අමතමින් ජනපතිවරයා මේ බව අද (09දා) පැවැසීය.
"ජනපති කොමිෂමට මෙතෙක් කැඳවූ සාක්ෂිවලින් හිටපු කාන්තා අධ්යක්ෂවරියක් ඉතා වැදගත් නිවැරදි අවංක සාක්ෂියක් ලබාදී තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ ඇය කොතෙක් දුරට තම වගකීම් අවංකව ඉටු කිරීමට උත්සාහ කර තිබෙනවාද කියායි. ඇය කියන්නේ ඇයට බලපෑම් ආ නිසා ඇයට එම දේවල් සිදුකිරිමට සිදුවූ බවයි. එයින් පෙන්වන්නේ කාන්තාව තුළ තිබෙන පිරිසුදු භාවයයි."