බැඳුම්කර කොමිෂන් වාර්තාව නැතිව විවාද කිරීම ඵලදායී නෑ
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බැවින්, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ඵලදායී නොවන බව ඊයේ (09දා) පැවැති කැබිනට් රැස්වීමේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සඳහන් කර ඇතැයි වාර්තාවේ.
එබැවින් විවාදය පැවත්වීමට ප්‍රථම මේසම්බන්ධයෙන් අවධානය යෙමුකළ යුතු බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09දා) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්විය.
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයක් ලබාදීමට ආණ්ඩුව ක්‍රියාකළද මෙතෙක් කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගෙන් පසුව අදහස් දක්වා ඇති අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ද මෙහිදී පෙන්වා දී ඇත.
එම අමාත්‍යවරුන්ගේ අදහස්වලට පිළිතුරු දෙමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ්ය සහ ඒකාබද්ධ විපක්ෂය බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බැවින් වහාම විවාදය ලබාදීමට කටයුතු කළ බවයි.
එහිදී කිරිඇල්ල අමාත්යවරයාඋණුසුම් අයුරින් අදහස් දක්වමින් විවාද ඉල්ලීමට පෙර කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව දැන සිටිය යුතුයැයිද පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


