බැඳුම්කර කොමිසමෙන් අගමැති නිදහස් වුණා - රාජිත
බැඳුම්කර කොමිසමේදී අග්‍රාමාත්‍යවරයා සාක්ෂි ලබාදුන් බවත්, ඔහු නිදහස් වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
බේරුවලදී පැවැති මැතිවරණ රැලියකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “පසුගිය රජය සමයේද කොමිසන් සභා ක්‍රියාත්මක වුණා. නමුත් කොමිසන් සභාවේ වාර්තා එළිදැක්වූයේ නැහැ. මෙවර බැඳුම්කර කොමිසම හමුවේ අග්‍රාමාත්‍යවරයා සාක්ෂි ලබා දුන්නා. නමුත් අග්‍රාමාත්‍යවරයා නිදහස් වුණා. කිසියම් වරදකට සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන නීතියම මෙම කොමිසන් සභාවේදී අග්‍රාමාත්‍යවරයාට ක්‍රියාත්මක කෙරුණා. එය තමයි වෙනස.
නමුත් පසුගිය රජය සමයේ ඇමති වුණාම නීතිය ක්‍රියාත්මක වූයේ මන්දගාමීවයි. හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ කාලයේද කොමිසන් සභා ක්‍රියාත්මක වුණා. එහිදී රජයේ අමාත්‍යවරුන් සිවු දෙනෙකු පගා ගැනීම නිසා නීතිය ක්‍රියාත්මක කර ප්‍රජා අයිතිය පවා අහෝසි කළා. එවැනි සාධාරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයාද කටයුතු කර තිබෙනවා” යැයි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


