මාර්ග සංවර්ධන කටයුතු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කරනු ලබන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 75ක් ලබාදෙන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මහා බැංකු අධිපතිවරයා වෙත යොමු කළ ලිපිය ප්‍රශ්ණ සහගත නම්, ලිපිය පිළිබඳව විමසීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 75ක් ලබාදෙන ලෙස ඉල්ලමින් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මහා බැංකු අධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් කොමිසමට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම ලිපියේ දිනයක් හෝ කුමන මහා බැංකුවේ අධිපතිවරයාටද යන්න පිළිබඳ සඳහනක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා දැනුම් දීම නිසා අමාත්‍ය රවී කරුණානායක මහතා කොමිසම හමුවට කැඳවන ලෙස නීතීඥ චානක ද සිල්වා මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.
කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන්, ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා හරස් ප්‍රශ්ණ ඇසීම අද දිනයේදීත් සිදුකෙරිණි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්ණ කරමින් මාර්ග සංවර්ධන අධිකාරීයේ ව්‍යාපෘතිවලට මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී සිදුවූ බව කියන කතාබහ පිළිබඳව විමසීය.
මාර්ග සංවර්ධන අධිකාරීයේ ව්‍යාපෘති සම්බන්ධයෙන් වාර්තාවක් සැකසීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තමන්ට දැනුම් දුන් බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී නීතීඥ චානක ද සිල්වා මහතා මාර්ග සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 75ක් ලබාදෙන ලෙස ඉල්ලමින් මහා බැංකු අධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අවධානයට ලක්කළේය.
නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මේ අවස්ථාවේදී කොමිසම අමතමින් නීතීඥවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ලිපියේ දිනයක් නොමැති බවත්, කුමන මහා බැංකුවේ අධිපතිවරයා වෙතද යන්න පිළිබඳව හෝ මෙහි කිසිඳු සඳහනක් නොමැති බවත්, ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා ඉදිරිපත් කරනු ලබන ලිපිය ප්‍රශ්ණ සහගත බවත් දැනුම් දුන්නේය.