බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් වාර්තාව මේ මස 30 වනදා ට ලැබෙන බවත් එය අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමුකිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවත් එම වාර්තාව යට නොගසන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලංකා සතොසේ 380 වන ශාඛාව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24 දා) පෙරවරුවේ අම්බලන්තොටදී විවෘත කිරීමට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මේ රටේ ජනාධිපතිවරයා පිරිසිදු දේශපාලනඥයෙක් විදියට ගිය ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද බලන්නේ නැති විදියට ඉතිහාසයේ කවදාවත් නැති විදියට ක්‍රියාත්මක වනවා. අද රටේ ජනතාවට එය ඒත්තු ගැන්වී තිබෙනවා”