සූරියවැව ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් බද්දෙවැව බටහිර ගම්මානයේ බොහෝ පිරිසකගේ රැකියාව වන්නේ ගඩොල් කර්මාන්තයයි. බොහෝ අඩුපාඩු මැද තම දෛනික ගඩොල් කර්මාන්තය කරමින් ජීවත්වන මෙහි මිනිසුන්ට හදිස්සියේම තම ගේදොර අතහැර යාමට සිදුවී ඇත. ඒ බැද්දෙවැව ගම පුරා දළඹු හා පණු විශේෂයක් බෝවීම නිසාවෙනි.
මෙම දළඹුවන් හා පණුවන් බහුල වශයෙන් තේක්ක ගස් ආශ්‍රිතව බෝවී තිබෙන බවත් තම නිවෙස්වල බිත්ති, ඇඳ මෙට්ට ඇතිරිලිවල හා වහලවල්වලත් ආදී සෑම තැනකම පණුවන් හා දළඹුවන් ව්‍යාප්තවී තිබෙන බවත් ගම්මු පවසති.
මේ උවදුර නිසා තමන් කෑමක් බීමක් පිළියෙල කිරීමට නොහැකි වී ඇති බවත්, මේනිසා තමන්ට ගේදොර අත්හැර දැමීමට සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මේ ගැටලුවට දැනට සති 03ක් පමණ කාලයක සිට විසඳුම් නොමැතිව තමන් පීඩා විඳින බව බැද්දෙවැව ජනතාව පවසති.
බෝගහඉඳිවැව - නුවන්