කිලිනොච්චිය මුලංකාවිල් මාර්ගයේදී ඊයේ (09දා) සවස බැකෝ යන්ත්රයක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව එහි රියදුරු රියදුරු බරපතළ තුවාල ලබා ඇතැයි මුලංකාවිල් පොලීසිය පවසයි.
මුලංකාවිල් ප්රදේශයේ පදිංචි උදයකාන්තන් ප්රසාද් (14) නැමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ බැකෝ රථය අධික වේගයෙන් පැදවීම නිසා එහි රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අනතුර සිදු වන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිට ඇති පාසල් සිසුවා අනතුරටපත් බැකෝ යන්ත්රයට යටවීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එහි රියදුරු යාපනය රෝහලට ඇතුළත් කොට තිබේ.
මුලංකාවිල් පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.