බ්‍රිතාන්‍ය අගමැතිට කරදරයක් - ආරක්ෂාව ගැන ගැටලුවක්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් වෙත දිව ආ තරුණයෙකු ඔහු තල්ලු කරමින්, අගමැතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරීම නිසා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් ගැටලුවක් ඇති වී තිබේ.
ව්‍යායාම් සඳහා දිවයන්නෙකු ලෙස පැමිණි මෙම තරුණයා එසේ දිව එමින් කෙලින්ම අගමැතිවරයා වෙත පැමිණ ඔහුගේ ඇඟේ බලහත්කාරයෙන්ම වදිමින්, ඔහු තල්ලු කිරීමකට ලක්කර තිබේ. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී අගමැතිවරයාගේ ආරක්ෂකයන් පැන ඔහු වැළැක්වීමට කටයුතු කළ නිසා අගමැතිවරයා බිම නොවැටී බේරුණු බව පැවසෙයි.
බ්‍රිතාන්‍යයේ උතුරු අධිවේගී දුම්රිය මාර්ගය පිළිබඳ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධ සාකච්ඡාවකට ලීඩ්ස් වෙත ගොස් නැවත තම මෝටර් රථය වෙත පැමිණෙමින් සිටියදී ඔහු මෙම අකරතැබ්බයට ලක්ව ඇති අතර, එහිදී, බිම නොවැටුණු අගමැතිවරයා ඒ සැණින්ම තම මෝටර් රථය වෙත ඇතුළු වී තිබේ.
මේ සිදුවීත් සමග අගමැතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පැන නගිමින්, මෙසේ අගමැතිවරයා අසලටම පුද්ගලයෙකු පැමිණෙන තෙක් ආරක්ෂකයන් බලා සිටියේ මන්ද යනුවෙන් බෝහෝ දෙනෙකු ප්‍රශ්න කර ඇත.
එමෙන්ම, ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් ප්‍රධානී බර්නාඩ් හොගාන් වෙත දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසය. කැනඩාවේ, ඔටාවා හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල ඉස්ලාමීය අන්තවාදියෙකු විසින් සොල්දාදුවෙකු වෙඩි තබා ඝාතනය කර පසුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට දැරූ උත්සාහයෙන් සතියක් ගතවීමටත් පෙර මෙය සිදුවීම තුළ ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමු කොට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

