බ්රසීල ඉතිහාසයේ තරගකාරීම ජනපතිවරණයෙන් ඩිල්මා දිනයි
(UPDATE) දශක කිහිපයකට පසුව බ්රසීල ඉතිහාසයේ වඩාත් තරගකාරීම ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම ඊයේ (26දා) පැවති අතර, ඉන් 51% ඡන්ද ප්රතිශතයක් ලබාගනිමින් කම්කරු පක්ෂයෙන් තරග කළ ඩිල්මා රෙවුසෙෆ් නැවතත් බ්රසීල ජනාධිපතිනිය ලෙස තේරීපත්ව තිබේ.
කම්කරු පක්ෂයෙන් තරග කරන වත්මන් ජනාධිපති ඩිල්මා රෙවුසෙෆ් සමග දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී කරටකර තරගයක යෙදුනේ එරට සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ඒසිඕ නෙවෙස් ය.
මෙම අපේක්ෂකයන් දෙදෙනාම ලතින් ඇමෙරිකාවේ විශාලතම ආර්ථිකයට තවදුරත් පණ පොවන බව පොරොන්දු දී ඇති අතරම, ඔවුන් දෙදෙනාම වඩාත් තරගකාරී අපේක්ෂකයන් දෙදෙනෙකු බව කියවුණි.
ඡන්ද විමසීම ඊයේ, උදෑසන 8.00ට ආරම්භ වූ ඡන්ද විමසීම රාත්රී 8.00 දක්වා පැවැත්වුණි.
ඊයේ වන විට මැතිවරණ මත විමසුම් අනුව ඩිල්මා විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට වඩා සුළු වශයෙන් ඉදිරියෙන් සිටින බව කියවුණි.
එම එක් මත විමසුමකට අනුව ඩිල්මා 52% ක ප්රතිශතයක් ලබද්දී නෙවෙස් 48% ක ප්රතිශතයක් ලබා සිටි අතර, තවත් මත විමසුමකට අනුව ඩිල්මා 53% ක ප්රතිශතයක් ලබද්දී නෙවෙස් 47% ක ප්රතිශතයක් ලබා තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
