බෙල්ජියමේ, බ්‍රසල්ස් අගනුවර සිදුකළ ප්‍රතිත්‍රස්ත මෙහෙයුමක් අතරතුර පොලීසිය වෙත සිදුකළ වෙඩි තැබීමකින් පසු එරට පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු සොයා දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබේ.
බ්‍රසල්ස් නගරයේ රැඳී සිටින මුස්ලිම් අන්තවාදී ත්රස්තයන් සොයා සිදුකළ මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා, අයෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පසුව එම අවට කලාපය දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් යොදමින් වෙඩි තබා පළාගිය පුද්ගලයන් සෙවීම අරඹා තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැරීසිය වෙත එල්ල කෙරුණු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් සෙවීමේ මෙහෙයුමක් මෙහිදී සිදුව ඇති අතර, මෙසේ පොලීසියට වෙඩි තබා පළා ගිය ත්රස්තයන් දෙදෙනා ලෝකයටම අත්‍යවශ්‍ය පුද්ගලයන් දෙදෙනෙකු බව විශ්වාස කෙරෙයි.
පොලීසිය විශ්වාස කරන ආකාරයට මෙහෙයුම අතරතුර පොලීසියට වෙඩි තබමින් ඔවුන් අසල ගොඩනැගිලිවල වහල දිගේ ගොස් අතුරුදන්ව ඇත.